ක්‍රිස්මස් බයිබල් වාක්‍ය

ක්‍රිස්මස් බයිබල් වාක්‍ය

“එම්බා බෙත්ලෙහෙම් එප්‍රාතා! තී ජුදාහි ගෝත්‍රවලින් ඉතා අල්ප වන්නෙහි ය. එහෙත්, ඉශ්රායෙල් කෙරෙහි අධිපතියා වීමට කෙනෙක් තී කෙරෙන් නැඟී එන්නේ ය. එතුමන්ගේ පෙළපතේ මුල දුරාතීතයෙන් ද පැරණි යුගයෙන් ද එන්නකි.”

මීකා 5:2

සමිඳාණන් වහන්සේ ම නුඹලාට ලකුණක් දෙන සේක. බලන්න, කන්‍යාවක් පිළිසිඳගෙන පුත්‍රයෙකු බිහි කරන්නී ය; එම්මානුවෙල් යන නම ඔහුට තබන්නී ය.

යෙසායා 7:14

එහෙත්, ඔහු මේ කාරණය ගැන කල්පනා කරමින් සිටිය දී, සමිඳාණන් වහන්සේගේ දූතයෙක් සිහිනයකින් ඔහුට දර්ශනය වී, “දාවිත්ගේ පුත් ජෝසෙප්, ඔබේ බිරිඳ වන මරියා පාවාගන්නට බිය නොවන්න; මන්ද, ඈ ගැබ්ගෙන ඇත්තේ ශුද්ධාත්මයාණන් අනුහසින්. ඈ පුතෙකු බිහි කරන්නී ය; උන් වහන්සේට ජේසුස් යන නාමය තැබිය යුතු ය; මන්ද, සිය සෙනඟ ඔවුන්ගේ පාපවලින් මුදාලන්නේ එතුමාණෝ ය”යි කී ය.

ශුද්ධවර මතෙව් 1:20-21

“දෙවියන් වහන්සේ ලෝකයාට කොතරම් ප්‍රේම කළ සේක් ද කීවොත්, ස්වකීය ඒක ජාතක පුත්‍රයාණන් වුව ද ලොවට දෙවා වදාළ සේක. එසේ කෙළේ, උන් වහන්සේ කෙරෙහි අදහන සියලු දෙනා ම විනාශ නොවී සදාතන ජීවනය ලබන පිණිස ය.

ශුද්ධවර ජොහන් 3:16

අපට ළදරුවෙක් උපන්නේ ය; අපට පුත්‍රයෙක් දෙන ලද්දේ ය; එතුමාණෝ අපේ රජු වන සේක. ‘එතුමාණෝ, අසිරිමත් උපදේශකයාණෝ ය; ප්‍රතාපවත් දෙව් තුමාණෝ ය; සදාතන පියාණෝ ය; සාමයේ කුමාරයාණෝ ය’යි කියනු ලබන සේක.

යෙසායා 9:6

ධර්මයාණෝ මාංසගත ව අප සමඟ වැඩ විසූ සේක. දේව වරප්‍රසාදයෙන් ද සත්‍යයෙන් ද පූර්ණ උන් වහන්සේගේ තේජශ්‍රීය, එනම්, පියාණන් වහන්සේ කෙරෙන් වූ එක ම පුත්‍රයාණන්ගේ තේජශ්‍රීය, අපි දුටිමු.

ශුද්ධවර ජොහන් 1:14

එහෙත් කාලය සම්පූර්ණ වූ කල, දෙවියන් වහන්සේ ස්ත්‍රියකගෙන් උපත ලත්, ව්‍යවස්ථාව යටතේ උපන්, සිය පුත්‍රයාණන් එවා වදාළ සේක. එසේ කළේ අප දරුකම ලබනු වස් උන් වහන්සේ විසින් ව්‍යවස්ථාව යටතෙහි සිටි අය මුදාගන්නා පිණිස ය.

ගලාති 4:4-5

එහෙත් දේව දූතයා ඔවුන්ට කතා කොට, “බිය නොවන්න; මෙ‍න්න, සකල ජනයා හට ඉතා ආනන්දජනක මංගල පුවතක් මම ඔබ වෙත ගෙනෙමි. මක්නිසා ද, ස්වාමීන් වන ක්‍රිස්තුස් නම් ගැළවුම්කාරයෙක් ඔබ හට දාවිත්ගේ නුවර අද උපන්නේ ය.

ශුද්ධවර ලූක් 2:10-11

ඒ ඇසිල්ලෙහි ම දේව දූතයා සමඟ ස්වර්ග සේනා සමූහයක් දෙවියන් වහන්සේ පසසමින්, “අති උසස් තැන්හි දෙවිඳුන්ට මහිමය ද මිහි පිට දේව ප්‍රසාදය ලත් ජනයා අතර සාමය ද වේ වා”යි ගැයූ හ.

ශුද්ධවර ලූක් 2:13-14

රජුගේ බස් අසා ඔව්හු පිටත් ව ගියහ. පෙරදිග දී ඔවුන් දුටු තාරකාව, ළදරුවා සිටි තැනට අවුත් ඉහළින් නවතින තුරු, ඔවුන්ට පෙරටුවෙන් ගියේ ය. තාරකාව දැක ඔව්හු අතිශයින් ප්‍රීති ප්‍රමෝද වූ හ. ඔව්හු ගෙට පිවිස, ළදරුවා සිය මව වූ මරිය තුමී හා සමඟ සිටිනු දැක, පසඟ පිහිටුවා වැඳ, සිය කරඬු ඇර රන් ද, තුවරලා ද, ගන්ධරස ද යන පඬුරු උන් වහන්සේට පිදූ හ. තවද, හෙරොද් වෙත ආපසු නොයන ලෙස සිහිනයකින් දන්වනු ලැබූ ඔව්හු අන් මඟකින් සිය රට බලා ගියහ.

ශුද්ධවර මතෙව් 2:9-12

දරුවන් සඳහා බයිබලය, දැන් ඔබේ දරුවාට අත්විඳිය හැකිය. සිංහල!

දරුවන් සඳහා බයිබලය

අද, අපගේ හවුල්කරුවා වන OneHope, සමඟ එක්ව දරුවන් සඳහා බයිබලය එළිදැක්වීමට හැකි වීම ගැන සතුට ප්‍රකාශ කරන්නෙමු. පෙර නොතිබුණු ලෙස දැන් බොහෝ දරුවන්ට ඔවුන්ගේම ක්‍රමයකට බයිබලය අත්විඳීමට අවස්ථාව ඇත.

සැකසීමක් මඟින් භාෂාවන් අතර මාරුවීම පහසුය:

  1. ඔබගේ යෙදුම යාවත්කාලීන කර ඇති බව සහතික කර ගන්න.
  2. සැකසුම් විවෘත කිරීමට මෙම යෙදුම විවෘතකර ගියර් අයිකනය ටැප් කරන්න (Gear icon).
  3. භාෂා ටැප් කර ඔබට අවශ්‍ය භාෂාව තෝරාගන්න.

තෝරා ගත් භාෂාවෙන් එම කොටස ශ්‍රවණය කළ හැකි අතර, එම භාෂාවෙන් අක්ෂර ද දිස්වේ!

මේ අගනා ප්‍රවෘත්තිය සමරන්න හවුල්වන්න!

ෆේස්බුක්ෆේස්බුක් හි බෙදා ගන්න

ට්විටර්ට්විටර් මඟින් බෙදාගන්න

විද්යුත් තැපෑලවිද්යුත් තැපෑල හරහා බෙදාගන්න


දරුවන් සඳහා බයිබලය

දරුවන් සඳහා බයිබලය ගැන

OneHopeසමඟ එක්ව නිෂ්පාදනය කළ, , දරුවන් සඳහා බයිබලය බයිබල යෙදුම නිෂ්පාදනය කළ YouVersion වෙතින්ම වන, දරුවන් සඳහා බයිබලය, ලොව පුරා මිලියන 32 කට වැඩි ඇපල්, ඇන්ඩ්රොයිඩ් සහ Kindle උපාංග මත ස්ථාපනය කර ඇති අතර, එය සම්පූර්ණයෙන්ම නොමිලේ ලබා දේ. ලොව පුරා සිටින ළමයින්, දරුවන් සඳහා බයිබලය දැන් සිංහල ඇතුලු භාෂා 47 කින් රස විඳී!

App Store Google Play Amazon

ඔබගේ ඇදහිල්ල පරීක්ෂා කරනු ලැබීමෙන් ඉවසිල්ල ඇති වන බව සිතට ගෙන

ඔබගේ ඇදහිල්ල පරීක්ෂා කරනු ලැබීමෙන් ඉවසිල්ල ඇති වන බව සිතට ගෙන

2  
මාගේ සහෝදරයෙනි, ඔබගේ ඇදහිල්ල පරීක්ෂා කරනු ලැබීමෙන් ඉවසිල්ල ඇති වන බව සිතට ගෙන

3  
විවිධ දුෂ්කරතාවන්ට මුහුණ පාන කල එය වාසනාවකැ යි සලකන්න.

4  
ඔබ කිසිවකින් ඌන ව නොසිට, සියලු අයුරින් පරිපූර්ණ ව සිටින පිණිස ඉවසීමේ ගුණය සම්පූර්ණ ලෙස ක්‍රියා කෙරේ වා.

5  
ඔබගෙන් යමෙකුට ප්‍රඥාව නැත්නම්, ඔහු දෙවියන් වහන්සේගෙන් එය ඉල්ලා සිටී වා. එවිට සියල්ලන්ට නොමසුරුව, දොස් නොතබා දෙන දෙවියන් වහන්සේ එය ඔහුට ප්‍රදානය කරන සේක.

6  
එහෙත් සැක නොකර ඇදහිල්ලෙන් ඔහු එය අයැදී වා. මන්ද, සැක කරන තැනැත්තේ සුළඟින් කැළඹී නඟින බසින මුහුදු රැල්ලට සමාන ය.

7  
එබඳු මනුෂ්‍යයා තමාට සමිඳාණන් වහන්සේගෙන් කිසිවක් ලැබේ යයි නොසිතා වා.

8  
ඔහු සිත් දෙගිඩියාවෙන් පසුවන මනුෂ්‍යයෙකු ව තමාගේ සියලු ක්‍රියා මාර්ගවල දී අස්ථීර ව සිටින්නේ ය.

9  
පීඩිත තත්ත්වයක සිටින සහෝදරයා තමා උසස් කරනු ලැබීම ගැන ද

10  
ධනපතියා තමා පහත් කරනු ලැබීම ගැන ද උදන් අනා වා. මන්ද, ධනවතා තණ මලක් මෙන් පහ ව යන්නේ ය.

11  
දැවෙන හිරු කිරණින් තණ කොළ වියළී යයි; ඒවායේ මල් පෙති වැටී යයි. එහි සෞන්දර්යය පහ වී යයි. එලෙස ම ධනවතා සිය උපාය මාර්ගවල දී මැල වී යයි.

12  
කම්කටොලු ඉවසන මනුෂ්‍යයා භාග්‍යවන්තයෙකි. මන්ද, ඔහු පරීක්ෂාවෙන් ජය ලැබූ කල, දෙවියන් වහන්සේට ප්‍රේම කරන්නවුන්ට උන් වහන්සේ පොරොන්දු වූ, ජීවන කිරීටය ලබන්නේ ය.

James 1 in Sinhala

James 1 in English

ඔබේ ඉරණම හිමි තුමන්ට භාර දෙන්න

ඔබේ ඉරණම හිමි තුමන්ට භාර දෙන්න

1  
නපුර කරන අය ගැන නොකලකිරෙන්න; අදමිටුකම් කරන අයට ඊර්ෂ්‍යා නොකරන්න.

2  
ඔව්හු තණ පත් මෙන් වියළී යති; නිල් පලා මෙන් මැලවී යති.

3  
සමිඳුන් කෙරේ විශ්වාසය තබා යහපත කරන්න; දේශයෙහි සුව සේ වෙසෙන්න.

4  
සමිඳුන් කෙරේ ප්‍රීතිමත් වන්න; එතුමන් ඔබේ මන දොළ ඉටු කරනු ඇත.

5  
ඔබේ ඉරණම හිමි තුමන්ට භාර දෙන්න; එතුමන් කෙරේ විශ්වාසය තබන්න; හිමි තුමන් හැම දෙය ඉටු කර දෙනු ඇත.

6  
හිමි තුමන් ඔබේ යහපත්කම ඉර එළිය මෙන් ද ඔබේ දැහැමිකම මද්දහන මෙන් ද බබළවන සේක.

7  
සමිඳුන් කෙරේ රඳා, ඉවසිල්ලෙන් එතුමන්ගේ පැමිණීම බලා ඉන්න; සිය ජීවිතයෙහි දියුණු වන්නා ගැන වත්, වැරදි දේ කොට ජයගන්නා ගැන වත් ඊර්ෂ්‍යා නොකරන්න.

8  
කෝපයෙන් වැළකෙන්න; උදහසින් ඈත් වන්න; නොකලකිරෙන්න; මේවායින් ඇති වන්නේ නපුර පමණ ය.

9  
නපුර කරන්නෝ නෙරපා දමනු ලබන්නෝ ය. හිමි තුමන් කෙරේ විශ්වාසය තබන්නෝ දේශය හිමි කරගන්නෝ ය.

10  
දුදනා මඳ කලකින් නැති වී යයි; ඔබ ඔහු සෙව්වත් ඔහු නැත.

11  
මුදු මොළොක් සිත් ඇත්තෝ දේශය හිමි කරගනිති; ඔව්හු සව්සිරි වින්දනය කරති.

Psalm 37 in Sinhala

Psalm 37 in English