ප්‍රේමය, ඉවසිලිවන්ත ය, කරුණාවන්ත ය

ප්‍රේමය, ඉවසිලිවන්ත ය, කරුණාවන්ත ය

4  
ප්‍රේමය, ඉවසිලිවන්ත ය, කරුණාවන්ත ය; ප්‍රේමය, ඊර්ෂ්‍යා වන්නේ නැත, පාරට්ටු කරගන්නේ නැත, උඩඟු වන්නේ නැත

5  
ප්‍රේමය, අවිනීත නොවේ, ආත්මාර්ථකාමි නොවේ, හනික නොකිපේ, නපුර සිතේ ධාරණය කර නොගනියි

6  
ප්‍රේමය, අනුන්ගේ වරද ගැන ප්‍රීති නොවී, හරි දේ ගැන ප්‍රීති වෙයි.

7  
ප්‍රේමය, සියල්ල උසුලයි. ප්‍රේමයෙහි, විශ්වාසයට ඉමක් නැත, බලාපොරොත්තුවට නිමක් නැත, ඉවසීමට අගක් නැත.

8  
ප්‍රේමය සදාතනික ය. දිවැස් වැකි වුව ද පහ ව යන්නේ ය; විවිධ ශබ්ද දෙසීම් වුව ද නිම වන්නේ ය; ඥානය වුව ද නැති වන්නේ ය.

9  
මන්ද, අපේ ඥානය අසම්පූර්ණ ය, දිවැස් වැකි දෙසීම ද අසම්පූර්ණ ය.

10  
සම්පූර්ණ දේ පැමිණි විට, අසම්පූර්ණ දේ පහ ව යන්නේ ය.

11  
බාල වියෙහි දී මම බාලයෙකු මෙන් කතා කෙළෙමි; බාලයෙකු මෙන් සිතුවෙමි; බාලයෙකු මෙන් තේරුම් ගතිමි. එහෙත් මම දැන් වයසින් මුහුකුරා සිටින බැවින් ළාමක දේ අත් හැර සිටිමි.

12  
දැන් අපට කැඩපතකින් මෙන් නොපැහැදිලි ව පෙනෙන්නේ ය. මතු අපි මුහුණට මුහුණ ලා දකින්නෙමු. දැන් මාගේ දැනුම අසම්පූර්ණ ය. එහෙත් මතු, මා පිළිබඳ දෙවියන් වහන්සේගේ දැනුම මෙන් මාගේ දැනුම ද සම්පූර්ණ වන්නේ ය.

13  
ඇදහිල්ල, බලාපොරොත්තුව හා ප්‍රේමය සදහට ම පවතින ධර්මතා තුනකි. මෙයින් ශ්‍රේෂ්ඨතම වන්නේ ප්‍රේමය ය.

1 Corinthians 13 in Sinhala

1 Corinthians 13 in English

This post is also available in: පෘතුගීසි අරාබි බෙලාරුසියානු බෙංගාලි බල්ගේරියානු ඩෙන්මාර්ක් ෆින්ලන්ත ජෝර්ජියානු ග්‍රීක භාෂාව හින්දි හංගේරියානු මැලේ මොන්ගෝලියානු නේපාලි නෝර්වේජියානු පෘතුගීසි (පෘතුගාල) ස්ලෝවැක් ස්වහීලී ස්වීඩන දෙමළ තෙළිඟු තුර්කි සූලු චෙක් මලයාලම් ස්පාඤ්ඤ ලිතුවේනියානු මරාති පන්ජාබි ගුජරාටි මැසිඩෝනියානු ඇම්හාරික් උස්බෙක්

Categoriesවර්ගීකරණය නොකළ